Blogger යනු කුමක්ද? 
Bloggin  පටන් ගන්න ආසවෙන් ඉන්න කෙනෙක්ට සරලවම කොහොමද blogging පටන් ගන්නෙ කියල idea එකක් දෙන්න තමයි මේ article එක ලියන්න හිතුවෙ. Blogging පටන් ගන්න ආස කෙනෙක් ඉතින් මුලින්ම ලියන්න ආස වෙන්න ඕනනේ 😆😆😆 . ඊටපස්සෙ ඉතින් ලියන article එක  blogpost එකක් විදියට හදල  internet එකට upload කරල එක community එකට expose කරන්න blogging service එකක් දෙන site එකක් ඕන .  Blogger යනු ඔබට නොමිලේම බ්ලොග් එකක් සැදීමට ඉඩ කඩ ලබාදෙන සේවාවකි. Pyra Labs විසින් develop කරපු Blogger සේවාව 2003 වසරේදී Google සාමාගම විසින් මීලදී ගන්නා ලදී. Google සමාගම මෙක මිලදි ගත්තට පස්සෙ මෙකට අලුත්ම features එහමත් add කරල ඔයාලට ඔයලා හදන්න ඉන්න blogpost එක සුපිරිම විදියට හදන්න help කරල තියෙනව .

Blogger වල වාසි 😍
ඉතින් අපි මුලින්ම බලමු අපි මොකද මේ blogger පාවිච්චි කරන්න ඕන කියලා .
1. Free Hosting and Domain
Blogger වල ඇති සුවිශේෂ වාසියක් වන්නේ මෙයයි. ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් අඩවිය අරම්භ කල හැකිය. ඔබට නොමිලේම yourname.blogspot.com ආකාරයේ domain නාමයක්ද ලබා ගත හැකිය.මේ feature එක ගොඩාක් වැදගත් වෙනවා මොකද beginner කෙනෙක් විදියට ඔයාලට පටන් ගන්න ලොකු support එකක් තමයි මේ free hosting and free domain seen එක . මේ service එක මගින් කරල තියෙන්නෙ blogger use කරන්න general publicity එක tend කරන එක .
2. සරල අතුරු මුහුණත (Simple Interface)
ඔබට blogging ගැන කිසිම දැනුමක් නොමැති උනත් Blogger වල ඇති සරල අතුරු මුහුණත නිසා ඉතා පහසුවෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවිය ආරම්ඹ කල හැකිය. මේ අතුරු මුහුනත ගොඩාක් user friendly විදියට තමයි design කරල තියෙන්නෙ . So it is easy for anybody to use.
3. ඔබට Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත
Blogger තුල බ්ලොග් අඩවියක් ආරම්භ කීරීමට ඔබට කිසිම Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත. ඔබට අන්තරජාලය භාවිතා කීරීමේ දැනුම තියනවනම් Google Search Engine එකත් උදව් කරගෙන ඔබට ඉතාමත් අලංකාර බ්ලොග් එකක් පහසුවෙන් සාදා ගත හැකිය.
4. 100% විශ්වාසවන්ත Servers
Google වලට අදාළ Servers වල ඔබගේ අඩවිය පවත්වාගෙන යන නිසා ඔබට බ්ලොග් අඩවියේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වීමට අවශ්‍ය නොවේ. ඔබ ඔබගේ gmail ගිණුම ආරක්ෂා කරන තාක් කල් බ්ලොග් අඩවිය Google විසින් ආරක්ෂා කරයි.

Blogger වල අවාසි 😭
1. අපි ඔබට මුලින්ම Blogger වල ඇති limits පහතින් දක්වා ඇත
  • බ්ලොග් ගණන : එක account එකකට ඔබට සැදිය හැක්කේ බ්ලොග් අඩවි 100ක් පමණි.
  • පින්තුර ප්‍රමාණය : ඔබට 1GB දක්වා පින්තුව ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය.
  • Labels ප්‍රමාණය: ඔබට Labels 2000ක් එකතු කරා හැකි අතර එක පොස්ට් එකක් සදහා Labels 20ක් යොදා ගත හැකිය.
  • බ්ලොග් Description : ඔබට අකුරු 500ක් දක්වා බ්ලොග් Description එකට ඇතුලත් කල හැකිය.
  • “About Me” Profile Information : ඔබට අකුරු 1200ක් දක්වා මෙයට ඇතුලත් කල හැකිය.

2. ඔබගේ අඩවිය Google සතුය
ඔබගේ අඩවිය ඕනෑම වෙලාවක delete කිරීම අයිතිය Google සමාගම සතුය.
3. ඔබට කල හැකි දේවල් සීමා සහිතය
ASP.Net හෝ PHP වැනි Programming Language සදහා Blogger අඩවිය සහය නොදක්වන බැවින් ඔබට කල හැකි දේවල් ප්‍රමාණය සීමා සහිතය.
 Begginer කෙනෙක් විදියට blogging පටන් ගන්න ආසවෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් අදම try කරලා බලන්න . මේ තියෙන්නෙ blogger වල login interface එක :

 Blogging capacity එක limited කියල කිව්වට  ඉතින් අපේ මුලික වැඩ ටික කරගෙන normal blogpost එකක් හදගන්න මේක හොඳයි. 
Blogger යනු සිංහල බ්ලොග්කරුවන් 90% ක් පමණ භාවිතා කරන Blogging Platform එක වෙනවා 😮. So Sinhala , English ඕනම එකකින් blogpost එකක් හදගන්න මෙක use කරන්න පුලුවන් . 
පහත තියෙන්නෙ Blogger වල තියෙන blogger working area එක .මේක use කරලා තමයි ඔයාලට blogpost හදලා share කරන්න තියෙන්න .
 

මේක ගොඩාක් interesting  section එකක් .when you start blogging you will definitely feel  it. 
So මම හිතනව ඔයාල ඉක්මනටම blogging start කරාවි කියලා 😉. මේ වගේම තවත් article එකකින් හමුවෙමු . ජය ! 
  •  Sources : Internet 



Comments

  1. කැමතිද බ්ලොග් එකෙන් සල්ලි හොයන්න?

    ReplyDelete

Post a Comment